Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #71 Translated in Sinhalese

مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
මිහිතලයේ සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබා ගැනීම කිසිදු නබිවරයකුට (සුදුසු) නොවීය. නුඹලා මෙලොව සම්පත් අපේක්ෂා කරන්නෙහුය. අල්ලාහ් මතු ලොව අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව බලධාරීය; සියුම් ඥානීය.
لَوْلَا كِتَابٌ مِنَ اللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَا أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌ
අල්ලාහ්ගේ පෙර නියමයක් නොවූයේ නම් (සිරකරුවන් මුදා හරින්නට) නුඹලා ලබා ගත් දෙයහි මහත් දඬුවමක් නුඹලා ව ස්පර්ශ කරන්නට තිබුණි.
فَكُلُوا مِمَّا غَنِمْتُمْ حَلَالًا طَيِّبًا ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
එහෙයින් යුද බිමෙන් නුඹලා ලැබූ දැයින් අනුමත පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِمَنْ فِي أَيْدِيكُمْ مِنَ الْأَسْرَىٰ إِنْ يَعْلَمِ اللَّهُ فِي قُلُوبِكُمْ خَيْرًا يُؤْتِكُمْ خَيْرًا مِمَّا أُخِذَ مِنْكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
අහෝ නබිවරය! ‘නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපතක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ දෑට වඩා යහපත් දෑ නුඹලාට ඔහු පිරිනමනු ඇත. තවද නුඹලාට ඔහු සමා ව දෙනු ඇත’ යැයි නුඹලාගේ අත්අඩංගුවේ පසුවන සිරුකරුවන් හට නුඹ පවසනු. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
وَإِنْ يُرِيدُوا خِيَانَتَكَ فَقَدْ خَانُوا اللَّهَ مِنْ قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
ඔවුහු නුඹට ද්‍රෝහිකම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් මීට පෙර ද සැබැවින්ම ඔවුහු අල්ලාහ්ට ද්‍රෝහිකම් කළෝය. ඔහු ඔවුන් විෂයයෙහි (නුඹට) ඉඩ ලබා දී ඇත. තවද අල්ලාහ් සර්වඥානීය; ප්‍රඥාවන්තය.

Choose other languages: