Quran Apps in many lanuages:

Surah Al-Anfal Ayahs #46 Translated in Sinhalese

إِذْ أَنْتُمْ بِالْعُدْوَةِ الدُّنْيَا وَهُمْ بِالْعُدْوَةِ الْقُصْوَىٰ وَالرَّكْبُ أَسْفَلَ مِنْكُمْ ۚ وَلَوْ تَوَاعَدْتُمْ لَاخْتَلَفْتُمْ فِي الْمِيعَادِ ۙ وَلَٰكِنْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِيَهْلِكَ مَنْ هَلَكَ عَنْ بَيِّنَةٍ وَيَحْيَىٰ مَنْ حَيَّ عَنْ بَيِّنَةٍ ۗ وَإِنَّ اللَّهَ لَسَمِيعٌ عَلِيمٌ
ළඟින් පිහිටි මිටියාවතෙහි නුඹලා ද, දුරින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද නුඹලාට පහළින් වෙළඳ කණ්ඩායම ද සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා එය සැලසුම් කර තිබුණේ නම් නියමිත වේලාවෙහි නුඹලා භේද වන්නට තිබුණි. එනමුත් සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කිරීම පිණිසත් විනාශ කරනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත විනාශ කරනු පිණිසත් ජීවත් කරවනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත ජීවත් කරවනු පිණිසත් (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේ)ය. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
إِذْ يُرِيكَهُمُ اللَّهُ فِي مَنَامِكَ قَلِيلًا ۖ وَلَوْ أَرَاكَهُمْ كَثِيرًا لَفَشِلْتُمْ وَلَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَلَٰكِنَّ اللَّهَ سَلَّمَ ۗ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
(නබිවරය) නුඹේ සිහිනයෙහි නුඹට ඔවුන් ව ස්වල්ප දෙනෙකු වශයෙන් අල්ලාහ් පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් ව අධික වශයෙන් ඔහු නුඹට පෙන්වා තිබුණේ නම් නුඹලා අධෛර්යයට පත් වනු ඇත. තවද නුඹලා එම විෂයයෙහි මත ගැටුම් ඇති කර ගනු ඇත. එනමුත් අල්ලාහ් ආරක්ෂා කළේය. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
නුඹලා (යුද බිමෙහි) හමු වූ විට නුඹලාගේ ඇස්වලට ඔවුන් ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වා, නුඹලා ව ඔවුන්ගේ ඇස්වලට ස්වල්ප දෙනකු වශයෙන් පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. එය සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කරනු පිණිසය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා පිරිසක් හමු වූ විට ස්ථාවර ව සිටිනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අධික වශයෙන් නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු.
وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَاصْبِرُوا ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ
තවද අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට නුඹලා අවනත වනු. නුඹලා ගැටුම් ඇති කර නොගනු. එවිට නුඹලා අධෛර්යයට පත් වනු ඇත. නුඹලාගේ බලය පහ ව යනු ඇත. තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.

Choose other languages: