Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #63 Translated in Sinhalese

قَالُوا مَنْ فَعَلَ هَٰذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ
‘අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේ කවුද? නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් අතරින් වේ යැ’යි ඔවුහු පැවසූහ.
قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ
‘ඒවා (පිළිම) ගැන දොස් නගන ඔහුට ඉබ්රාහීම් යැයි අමතනු ලබන තරුණයෙක් පිළිබඳ අපි අසා ඇත්තෙමු’ යි ඔවුහු පැවසූහ.
قَالُوا فَأْتُوا بِهِ عَلَىٰ أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ
‘එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැ’යි ඔවුහු පැවසූහ.
قَالُوا أَأَنْتَ فَعَلْتَ هَٰذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ
අහෝ ඉබ්රාහීම්! අපගේ දෙවිවරුන්ට මේ දේ සිදු කළේ නුඹදැයි ඔවුහු විමසූහ.
قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَٰذَا فَاسْأَلُوهُمْ إِنْ كَانُوا يَنْطِقُونَ
නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඒවා කතා කරන්නන් ලෙස සිටියේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේය.

Choose other languages: