Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #110 Translated in Sinhalese

إِنَّ فِي هَٰذَا لَبَلَاغًا لِقَوْمٍ عَابِدِينَ
නියත වශයෙන්ම මෙහි නැමදුම් කරන ජනයාහට නිවේදනයක් ඇත.
وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ
තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු.
قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ
මා වෙත දේව පණිවිඩ දන්වනු ලබනුයේ, නුඹලාගේ දෙවිඳා එකම දෙවිඳාණන් බවය. එහෙයින් නුඹලා අවනත වන්නෝ වෙත්ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
فَإِنْ تَوَلَّوْا فَقُلْ آذَنْتُكُمْ عَلَىٰ سَوَاءٍ ۖ وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَمْ بَعِيدٌ مَا تُوعَدُونَ
එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට "මම නුඹලාට එක සමාන ව දැනුම් දී ඇත්තෙමි. නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීපයෙන් ද එසේ නැතහොත් දුරින්ද යැයි මම නොදනිමි" යැයි (නබිවරය!) නුඹ පවසනු.
إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ
නියත වශයෙන්ම ප්‍රකාශයෙන් හෙළිවන දෑ ද ඔහු දනියි. තවද නුඹලා සඟවන දෑ ද ඔහු දනියි.

Choose other languages: