Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #109 Translated in Sinhalese

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ
තවද නියත වශයෙන්ම උපදෙසින් පසු සබූර් ධර්ම ග්රන්ථයෙහි "සැබැවින්ම මහපොළොව එය මාගේ දැහැමි ගැත්තෝ උරුමකර ගනිති " යැයි අපි සටහන් කළෙමු.
إِنَّ فِي هَٰذَا لَبَلَاغًا لِقَوْمٍ عَابِدِينَ
නියත වශයෙන්ම මෙහි නැමදුම් කරන ජනයාහට නිවේදනයක් ඇත.
وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ
තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු.
قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ
මා වෙත දේව පණිවිඩ දන්වනු ලබනුයේ, නුඹලාගේ දෙවිඳා එකම දෙවිඳාණන් බවය. එහෙයින් නුඹලා අවනත වන්නෝ වෙත්ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
فَإِنْ تَوَلَّوْا فَقُلْ آذَنْتُكُمْ عَلَىٰ سَوَاءٍ ۖ وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَمْ بَعِيدٌ مَا تُوعَدُونَ
එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට "මම නුඹලාට එක සමාන ව දැනුම් දී ඇත්තෙමි. නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීපයෙන් ද එසේ නැතහොත් දුරින්ද යැයි මම නොදනිමි" යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: