Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #108 Translated in Sinhalese

يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَ
ලේඛන ගත කළ පොත් හකුළන්නාක් මෙන් අහස අපි හකුළන දින, මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්‍රතිඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි එය සිදු කරන්නන් වූයෙමු.
وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ
තවද නියත වශයෙන්ම උපදෙසින් පසු සබූර් ධර්ම ග්රන්ථයෙහි "සැබැවින්ම මහපොළොව එය මාගේ දැහැමි ගැත්තෝ උරුමකර ගනිති " යැයි අපි සටහන් කළෙමු.
إِنَّ فِي هَٰذَا لَبَلَاغًا لِقَوْمٍ عَابِدِينَ
නියත වශයෙන්ම මෙහි නැමදුම් කරන ජනයාහට නිවේදනයක් ඇත.
وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ
තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු.
قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ
මා වෙත දේව පණිවිඩ දන්වනු ලබනුයේ, නුඹලාගේ දෙවිඳා එකම දෙවිඳාණන් බවය. එහෙයින් නුඹලා අවනත වන්නෝ වෙත්ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.

Choose other languages: