Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #76 Translated in Sinhalese

وَأَنْ أَقِيمُوا الصَّلَاةَ وَاتَّقُوهُ ۚ وَهُوَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ
තවද නුඹලා සලාතය විධිමත් ව ඉටු කිරීමටත් ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කිරීමටත් (අණ කරනු ලැබීය.) තවද ඔහු වෙතටමය නුඹලා එක්රැස් කරනු ලබනුයේ.
وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ وَيَوْمَ يَقُولُ كُنْ فَيَكُونُ ۚ قَوْلُهُ الْحَقُّ ۚ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنْفَخُ فِي الصُّورِ ۚ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
යථාර්ථයෙන් යුතු ව අහස් හා මහපොළොව මැව්වේ ඔහුමය. කුන් (වනු) යැයි පවසන දින එය සිදු වන්නේය. ඔහුගේ ප්‍රකාශය සත්‍යයකි. තවද සූර් (නම් හොරණෑව) පිඹිනු ලබන දින සර්ව රාජ්‍ය ඔහු සතු වේ. දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන දෑ පිළිබඳ මැනවින් දන්නාය. තවද ඔහු සියුම් ඥානය ඇති සර්ව ප්‍රඥාවන්තය.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً ۖ إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلَالٍ مُبِينٍ
යථාර්ථයෙන් යුතු ව අහස් හා මහපොළොව මැව්වේ ඔහුමය. කුන් (වනු) යැයි පවසන දින එය සිදු වන්නේය. ඔහුගේ ප්‍රකාශය සත්‍යයකි. තවද සූර් (නම් හොරණෑව) පිඹිනු ලබන දින සර්ව රාජ්‍ය ඔහු සතු වේ. දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන දෑ පිළිබඳ මැනවින් දන්නාය. තවද ඔහු සියුම් ඥානය ඇති සර්ව ප්‍රඥාවන්තය.
وَكَذَٰلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යයන් ඉබ්‍රාහීම්ට අප පෙන්වූයේ එලෙසය. තවද (එය) ඔහු තරයේ විශ්වාස කරන්නන් අතරින් වනු පිණිසය
فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَىٰ كَوْكَبًا ۖ قَالَ هَٰذَا رَبِّي ۖ فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآفِلِينَ
රාත්‍රිය ඔහු ව (අන්ධකාරයෙන්) වෙළා ගත් කල්හි තරුවක් දැක මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටීය. නමුත් එය සැඟ වී ගිය කල්හි සැඟ වී යන්නන් මම ප්‍රිය නොකරමි යැයි ඔහු පැවසීය.

Choose other languages: