Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #75 Translated in Sinhalese

قُلْ أَنَدْعُو مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللَّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الْأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا ۗ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ
අල්ලාහ් හැර අපට සෙත සැලසිය නොහැකි තවද අපට හිංසාවක් කළ නොහැකි දෑ අප අයදින්නෙමු ද? -කෙනෙකුට අප වෙතට පැමිණෙන්නැයි ඔහුව යහමඟ වෙතට ඇරයුම් කරන මිතුරන් සිටිය දී ෂෙයිතානුන් ඔහුව නොමඟ යවා මහපොළොවේ ඔබමොබ සැරිසරන්නනෙක් මෙන්- අල්ලාහ් අපට මඟ පෙන්වූ පසු ව අපි අපගේ විලුඹු මත (පෙර සිටි තත්වයට) නැවත හැරෙන්නෙමු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. සැබැවින්ම අල්ලාහ්ගේ යහමඟ වන එයමය නියම යහමඟ වනුයේ. තවද ලෝකයන්හි පරමාධිපතිට අප අවනත වනු පිණිස අණ කරනු ලැබුවෙමු යැයි ද පවසනු.
وَأَنْ أَقِيمُوا الصَّلَاةَ وَاتَّقُوهُ ۚ وَهُوَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ
තවද නුඹලා සලාතය විධිමත් ව ඉටු කිරීමටත් ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කිරීමටත් (අණ කරනු ලැබීය.) තවද ඔහු වෙතටමය නුඹලා එක්රැස් කරනු ලබනුයේ.
وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ وَيَوْمَ يَقُولُ كُنْ فَيَكُونُ ۚ قَوْلُهُ الْحَقُّ ۚ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنْفَخُ فِي الصُّورِ ۚ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
යථාර්ථයෙන් යුතු ව අහස් හා මහපොළොව මැව්වේ ඔහුමය. කුන් (වනු) යැයි පවසන දින එය සිදු වන්නේය. ඔහුගේ ප්‍රකාශය සත්‍යයකි. තවද සූර් (නම් හොරණෑව) පිඹිනු ලබන දින සර්ව රාජ්‍ය ඔහු සතු වේ. දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන දෑ පිළිබඳ මැනවින් දන්නාය. තවද ඔහු සියුම් ඥානය ඇති සර්ව ප්‍රඥාවන්තය.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً ۖ إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلَالٍ مُبِينٍ
යථාර්ථයෙන් යුතු ව අහස් හා මහපොළොව මැව්වේ ඔහුමය. කුන් (වනු) යැයි පවසන දින එය සිදු වන්නේය. ඔහුගේ ප්‍රකාශය සත්‍යයකි. තවද සූර් (නම් හොරණෑව) පිඹිනු ලබන දින සර්ව රාජ්‍ය ඔහු සතු වේ. දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන දෑ පිළිබඳ මැනවින් දන්නාය. තවද ඔහු සියුම් ඥානය ඇති සර්ව ප්‍රඥාවන්තය.
وَكَذَٰلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යයන් ඉබ්‍රාහීම්ට අප පෙන්වූයේ එලෙසය. තවද (එය) ඔහු තරයේ විශ්වාස කරන්නන් අතරින් වනු පිණිසය

Choose other languages: