Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #53 Translated in Sinhalese

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا يَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُوا يَفْسُقُونَ
තවද අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට ඔවුන් කරමින් සිටි පාපකම් හේතුවෙන් දඬුවම අත් වනු ඇත.
قُلْ لَا أَقُولُ لَكُمْ عِنْدِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ
අල්ලාහ්ගේ සම්පත් මා සතුව තිබෙන බව මම නුඹලාට නොපවසමි. තවද මම අදෘශ්‍යමාන දෑ නොදනිමි. සැබැවින්ම මම සුරදූතයකු ද වෙමි යැයි මම නුඹලාට නොපවසමි. මා වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ හැර වෙනත් කිසිවක් මම පිළි නොපදිමි යැයි (නබිවරය ඔවුනට) නුඹ පවසනු. අන්ධයා හා බැල්මැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා සිතා නොබලන්නෙහුදැ?යි ද නුඹ විමසනු.
وَأَنْذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَنْ يُحْشَرُوا إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُمْ مِنْ دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَعَلَّهُمْ يَتَّقُونَ
තවද තම පරමාධිපති වෙත එක් රැස් කරනු ලැබීම ගැන බියවන්නන් හට ඔවුන් බිය හැඟීමෙන් යුක්ත වනු පිණිස මෙමගින් නුඹ (ඔවුන්ව) අවවාද කරනු. ඔහු හැර ඔවුනට භාරකරුවකු හෝ මැදිහත්වන්නකු හෝ නොමැත.
وَلَا تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِمْ مِنْ شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِمْ مِنْ شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ
උදේ සවස තම පරමාධිපතිව ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඇරයුම් කරන්නන් ව නුඹ පලවා නොහරිනු. ඔවුන්ගේ විනිශ්චයෙන් කිසිවක් නුඹ වෙත නොපැවරෙනු ඇත. එමෙන්ම නුඹගේ විනිශ්චයෙන් කිසිවක් ඔවුන් වෙත ද නොපැවරෙනු ඇත. එසේ නුඹ ඔවුන් පලවා හැරියෙහි නම් එවිට නුඹ අපරාධකරුවන් අතරින් වන්නෙහිය.
وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُمْ بِبَعْضٍ لِيَقُولُوا أَهَٰؤُلَاءِ مَنَّ اللَّهُ عَلَيْهِمْ مِنْ بَيْنِنَا ۗ أَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِالشَّاكِرِينَ
තවද අප අතරින් ඔවුන් වෙත අල්ලාහ් ආශිර්වාද කළ අය මොවුන් දැ යි ඔවුන් පවසනු පිණිස ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක් විසින් අප පරීක්ෂාවට ලක් කළේ එලෙසය. කෘතවේදීන් පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?

Choose other languages: