Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #157 Translated in Sinhalese

وَأَنَّ هَٰذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ
තවද නියත වශයෙන්ම මෙය මාගේ ඍජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. (වෙනත්) මාර්ග අනුගමනය නොකරනු. එවිට නුඹලා ව ඔහුගේ මාර්ගයෙන් එය වෙන් කරනු ඇත. මෙමගින් නුඹලාට ඔහු (අල්ලාහ්) උපදෙස් දෙනුයේ නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිසය.
ثُمَّ آتَيْنَا مُوسَى الْكِتَابَ تَمَامًا عَلَى الَّذِي أَحْسَنَ وَتَفْصِيلًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ بِلِقَاءِ رَبِّهِمْ يُؤْمِنُونَ
පසුව දැහැමි ලෙස කටයුතු කරන්නා හට පූර්ණ කිරීමක් ලෙස ද සෑම දෙයක්ම විස්තර කරන්නක් ලෙස ද මඟ පෙන්වීමක් ලෙස ද ආශිර්වාදයක් ලෙස ද එම පුස්තකය අපි මූසාට පිරිනැමුවෙමු. එය ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ඔවුන් විශ්වාස කිරීමට හැකි වනු පිණිසය.
وَهَٰذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُوا لَعَلَّكُمْ تُرْحَمُونَ
තවද අපි පහළ කළ මෙම පුස්තකය භාග්‍ය සම්පන්නය. එබැවින් නුඹලා එය පිළිපදිනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා බිය බැතිමත් වනු.
أَنْ تَقُولُوا إِنَّمَا أُنْزِلَ الْكِتَابُ عَلَىٰ طَائِفَتَيْنِ مِنْ قَبْلِنَا وَإِنْ كُنَّا عَنْ دِرَاسَتِهِمْ لَغَافِلِينَ
අපට පෙර ධර්ම ග්‍රන්ථය පහළ කරනු ලැබුවේ (යුදෙව් හා කිතුනු යන) දෙපිරිස වෙතමය. තවද අපි ඔවුන්ගේ ඉගැන්වීම් ගැන අපි අනවධානීන් ලෙස සිටියෙමු යැයි (ප්‍රතික්ෂේප කළ) නුඹලා නොපවසනු පිණිසය.
أَوْ تَقُولُوا لَوْ أَنَّا أُنْزِلَ عَلَيْنَا الْكِتَابُ لَكُنَّا أَهْدَىٰ مِنْهُمْ ۚ فَقَدْ جَاءَكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ ۚ فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَّبَ بِآيَاتِ اللَّهِ وَصَدَفَ عَنْهَا ۗ سَنَجْزِي الَّذِينَ يَصْدِفُونَ عَنْ آيَاتِنَا سُوءَ الْعَذَابِ بِمَا كَانُوا يَصْدِفُونَ
නැතහොත් සැබැවින්ම අප වෙත ධර්ම ග්‍රන්ථය පහළ කරනු ලැබුවේ නම් ඔවුනට වඩා අපි යහ මඟ ලැබූවන් වන්නෙමු යැයි නුඹලා නොපවසනු පිණිසය. නමුත් නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකය, මඟ පෙන්වීම හා ආශිර්වාදය පැමිණ ඇත. අල්ලාහ්ගේ වදන් බොරු කොට එය පිටු පෑ අයට වඩා මහත් අපරාධකරුවා කවරෙකු ද? අපගේ වදන් පිටුපාන්නන්ට ඔවුන් පිටුපාමින් සිටි හේතුවෙන් නපුරු දඬුවමක් අපි ප්‍රතිවිපාක වශයෙන් මතු පිරිනමන්නෙමු.

Choose other languages: