Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #18 Translated in Sinhalese

قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
අල්ලාහ්ගෙන් තොරව (වෙනත් කෙනෙකු) භාරකරු වශයෙන් මම ගන්නෙම්ද? (ඔහු) අහස් හා මිහිතලයේ නිර්මාපකයාය. තවද ඔහු ආහාර සපයන අතර ඔහුට ආහාර සපයනු නොලැබේ යැයි නුඹ පවසනු. සැබැවින්ම (අල්ලාහ්ට) අවනත වූවන්ගෙන් මා පළමු වැන්නා වීමට මම අණ කරනු ලැබුවෙමි යැයි ද පවසනු. තවද නුඹලා කිසිකලෙක ආදේශ තබන්නන් අතරින් (කෙනෙකු) නොවනු.
قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අති මහත් දිනයේ (නියම වන) දඬුවමට මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ ۚ وَذَٰلِكَ الْفَوْزُ الْمُبِينُ
කවරෙකු එදින එයින් (එම දඬුවමින්) වෙනතකට යොමු කරනු ලබන්නේ ද එවිට සැබැවින්ම (අල්ලාහ්) ඔහුට දයාව දක්වා ඇත. තවද පැහැදිලි විජයග්‍රහණය එයයි.
وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِنْ يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
යම් හිංසනයකින් අල්ලාහ් නුඹව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නොමැත. යම් යහපතකින් නුඹව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.
وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
තම ගැත්තන්ට ඉහළින් සිටින සර්වබලධාරී ඔහුය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය.

Choose other languages: