Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #19 Translated in Sinhalese

قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අති මහත් දිනයේ (නියම වන) දඬුවමට මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ ۚ وَذَٰلِكَ الْفَوْزُ الْمُبِينُ
කවරෙකු එදින එයින් (එම දඬුවමින්) වෙනතකට යොමු කරනු ලබන්නේ ද එවිට සැබැවින්ම (අල්ලාහ්) ඔහුට දයාව දක්වා ඇත. තවද පැහැදිලි විජයග්‍රහණය එයයි.
وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِنْ يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
යම් හිංසනයකින් අල්ලාහ් නුඹව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නොමැත. යම් යහපතකින් නුඹව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.
وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
තම ගැත්තන්ට ඉහළින් සිටින සර්වබලධාරී ඔහුය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය.
قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً ۖ قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ ۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ ۚ قُلْ لَا أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ
(නබිවරය!) සාක්ෂි වශයෙන් වඩාත් ප්‍රබල වනුයේ කුමක් දැ? යි නුඹ අසනු. මා අතර හා නුඹලා අතර අල්ලාහ් සාක්ෂිකරු වීම යැයි පවසනු. තවද මෙම අල් කුර්ආනය මට වහී (දේව පණිවිඩ) වශයෙන් දෙනු ලැබීය. (එය) මෙමගින් නුඹලාට හා මෙය ලබන අයට මා අවවාද කරනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් සිටින බව නුඹලා සාක්ෂි දරන්නෙහුද? මම එසේ සාක්ෂි නොදරමි යැයි නුඹ පවසනු. එකම දෙවියා ඔහු ම යැයි ද සැබැවින්ම මම නුඹලා ආදේශ තබන දැයින් නිදොස් යැයි ද නුඹ පවසනු.

Choose other languages: