Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #121 Translated in Sinhalese

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَنْ يَضِلُّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
තම මාර්ගයෙන් නොමඟ යනවුන් කවුරුන් දැ? යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳව ද ඔහු මැනවින් දන්නාය.
فَكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ إِنْ كُنْتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَ
නුඹලා ඔහුගේ වදන් පිළිබඳ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, අල්ලාහ්ගේ නාමය කවර දෙයක් මත මෙනෙහි කරනු ලැබූවේ ද ඒවායින් අනුභව කරනු.
وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُمْ مَا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًا لَيُضِلُّونَ بِأَهْوَائِهِمْ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වී ද? තවද නුඹලා වෙත තහනම් කර ඇති දෑ සැබැවින්ම ඔහු නුඹලාට පැහැදිලි කර ඇත. නමුත් යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් හේතුවෙන් නොමඟ යති. සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි ඔහුය සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නා.
وَذَرُوا ظَاهِرَ الْإِثْمِ وَبَاطِنَهُ ۚ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا يَقْتَرِفُونَ
තවද පාපයේ බාහිරය මෙන්ම එහි අභ්‍යන්තරය ද නුඹලා අත හැර දමනු. සැබැවින්ම පාපය උපයන්නන් වනාහි ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත.
وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ ۗ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَىٰ أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නොලැබුවේ ද එයින් නුඹලා අනුභව නොකරනු. තවද සැබැවින්ම එය පාපයකි. තවද නුඹලා සමඟ වාද කරනු පිණිස සැබැවින්ම ෂෙයිතානුන් තම හිතමිතුරන් වෙත කොඳුරනු ඇත. තවද නුඹලා ඔවුනට අවනත වූයෙහු නම් සැබැවින්ම නුඹලා ආදේශ කරන්නෝ වෙති.

Choose other languages: