Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #120 Translated in Sinhalese

وَإِنْ تُطِعْ أَكْثَرَ مَنْ فِي الْأَرْضِ يُضِلُّوكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ
මහපොළොවේ සිටින බහුතරයක් දෙනාට නුඹ අවනත වන්නෙහි නම් අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුහු නුඹව නොමඟ යවනු ඇත. ඔවුහු අනුගමනය කරනුයේ හුදු අනුමානයන් මිස වෙනකක් නොවේ. තවද ඔවුහු උපකල්පනය කරන්නන් මිස වෙනත් අය නොවෙති.
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَنْ يَضِلُّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
තම මාර්ගයෙන් නොමඟ යනවුන් කවුරුන් දැ? යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳව ද ඔහු මැනවින් දන්නාය.
فَكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ إِنْ كُنْتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَ
නුඹලා ඔහුගේ වදන් පිළිබඳ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, අල්ලාහ්ගේ නාමය කවර දෙයක් මත මෙනෙහි කරනු ලැබූවේ ද ඒවායින් අනුභව කරනු.
وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُمْ مَا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًا لَيُضِلُّونَ بِأَهْوَائِهِمْ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වී ද? තවද නුඹලා වෙත තහනම් කර ඇති දෑ සැබැවින්ම ඔහු නුඹලාට පැහැදිලි කර ඇත. නමුත් යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් හේතුවෙන් නොමඟ යති. සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි ඔහුය සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නා.
وَذَرُوا ظَاهِرَ الْإِثْمِ وَبَاطِنَهُ ۚ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا يَقْتَرِفُونَ
තවද පාපයේ බාහිරය මෙන්ම එහි අභ්‍යන්තරය ද නුඹලා අත හැර දමනු. සැබැවින්ම පාපය උපයන්නන් වනාහි ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත.

Choose other languages: