Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #27 Translated in Sinhalese

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا
කවර දෙයක් මත අල්ලාහ් සමග ඔවුන් ගිවිස ගත්තේ ද එය සැබෑ කළ මිනිසුන් දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වෙති. එසේ (යුද පිටියේ දිවි පුදා) තම ඉලක්කය ඉටු කර ගත්තවුන් ඔවුන් අතරින් වෙති. තවද බලාපොරොත්තුවෙන් සිටින්නන් ද ඔවුන් අතරින් වෙති. ඔවුහු (තමන්ගේ ගිවිසුමෙන්) කිසිදු වෙනසක් සිදු කළේ නැත.
لِيَجْزِيَ اللَّهُ الصَّادِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ الْمُنَافِقِينَ إِنْ شَاءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا
(මෙය) සත්යවාදීන්ට ඔවුන්ගේ සත්යභාවය හේතුවෙන් අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනු පිණිසය. එමෙන්ම ඔහු අභිමත කළේ නම් කුහකයින්ට දඬුවම් කරනු පිණිසය. එසේ නැතහොත් ඔවුන් වෙත සමාව දීම පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලී, මහාකරුණාන්විත විය.
وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا ۚ وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ ۚ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا
දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ ක්රෝධය හේතුවෙන් ඔවුන් කිසිදු යහපතක් නොලැබූ තත්ත්වයෙන් අල්ලාහ් ඔවුන් හරවා යැව්වේය. සටන් වැදීම සඳහා දේවත්වය විශ්වාස කරන්නනන් හට අල්ලාහ් ප්‍රමාණවත් විය. තවද අල්ලාහ් ශක්ති සම්පන්න සර්ව බලධාරී විය.
وَأَنْزَلَ الَّذِينَ ظَاهَرُوهُمْ مِنْ أَهْلِ الْكِتَابِ مِنْ صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا
තවද ධර්ම ග්‍රන්ථ ලත් ජනයා අතරින් ඔවුනට උර දුන් අය ඔවුන්ගේ බලකොටුවලින් ඔහු බැස්ස වීය. තවද ඔවුන්ගේ හදවත් තුළ බිය ඇති කළේය. පිරිසක් නුඹලා ඝාතනය කළ අතර පිරිසක් නුඹලා සිරභාරයට ගත්තෙහුය.
وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا
තවද ඔවුන්ගේ භූමිය ද ඔවුන්ගේ වාසස්ථානද ඔවුන්ගේ සම්පත් ද එමෙන්ම නුඹලා එහි පය නොතැබූ භූමියක් ද ඔහු නුඹලාට උරුම කර දුන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිසම්පන්න විය.

Choose other languages: