Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #30 Translated in Sinhalese

وَأَنْزَلَ الَّذِينَ ظَاهَرُوهُمْ مِنْ أَهْلِ الْكِتَابِ مِنْ صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا
තවද ධර්ම ග්‍රන්ථ ලත් ජනයා අතරින් ඔවුනට උර දුන් අය ඔවුන්ගේ බලකොටුවලින් ඔහු බැස්ස වීය. තවද ඔවුන්ගේ හදවත් තුළ බිය ඇති කළේය. පිරිසක් නුඹලා ඝාතනය කළ අතර පිරිසක් නුඹලා සිරභාරයට ගත්තෙහුය.
وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا
තවද ඔවුන්ගේ භූමිය ද ඔවුන්ගේ වාසස්ථානද ඔවුන්ගේ සම්පත් ද එමෙන්ම නුඹලා එහි පය නොතැබූ භූමියක් ද ඔහු නුඹලාට උරුම කර දුන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිසම්පන්න විය.
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلًا
“අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ට, “මෙලොව ජීවිතය හා එහි අලංකාරය නුඹලා ප්රිය කරන්නෙහු නම් එවිට නුඹලා එනු. මම නුඹලාට භුක්ති විඳින්නට සළස්වා (විවාහ බන්ධනයෙන්) අලංකාර මුදවාලීමකින් මම නුඹලාව මුදවාලමි යැයි පවසනු.
وَإِنْ كُنْتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الْآخِرَةَ فَإِنَّ اللَّهَ أَعَدَّ لِلْمُحْسِنَاتِ مِنْكُنَّ أَجْرًا عَظِيمًا
තවද නුඹලා අල්ලාහ්ව, ඔහුගේ දූතයාණන් හා මතු ලොව ප්රිය කරමින් සිටින්නෙහු නම් එවිට දැන ගනු නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා අතරින් වූ දැහැමියන්ට මහත් වූ තිළිණ සූදානම් කර ඇත.
يَا نِسَاءَ النَّبِيِّ مَنْ يَأْتِ مِنْكُنَّ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු හෝ ප්‍රකට අශීලාචාර දෙයක් සමග පැමිණෙන්නේ ද ඇයට දඬුවම දෙගුණයක් කරනු ලැබෙයි. තවද එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය.

Choose other languages: