Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #31 Translated in Sinhalese

وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا
තවද ඔවුන්ගේ භූමිය ද ඔවුන්ගේ වාසස්ථානද ඔවුන්ගේ සම්පත් ද එමෙන්ම නුඹලා එහි පය නොතැබූ භූමියක් ද ඔහු නුඹලාට උරුම කර දුන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිසම්පන්න විය.
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلًا
“අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ට, “මෙලොව ජීවිතය හා එහි අලංකාරය නුඹලා ප්රිය කරන්නෙහු නම් එවිට නුඹලා එනු. මම නුඹලාට භුක්ති විඳින්නට සළස්වා (විවාහ බන්ධනයෙන්) අලංකාර මුදවාලීමකින් මම නුඹලාව මුදවාලමි යැයි පවසනු.
وَإِنْ كُنْتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الْآخِرَةَ فَإِنَّ اللَّهَ أَعَدَّ لِلْمُحْسِنَاتِ مِنْكُنَّ أَجْرًا عَظِيمًا
තවද නුඹලා අල්ලාහ්ව, ඔහුගේ දූතයාණන් හා මතු ලොව ප්රිය කරමින් සිටින්නෙහු නම් එවිට දැන ගනු නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා අතරින් වූ දැහැමියන්ට මහත් වූ තිළිණ සූදානම් කර ඇත.
يَا نِسَاءَ النَّبِيِّ مَنْ يَأْتِ مِنْكُنَّ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු හෝ ප්‍රකට අශීලාචාර දෙයක් සමග පැමිණෙන්නේ ද ඇයට දඬුවම දෙගුණයක් කරනු ලැබෙයි. තවද එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය.
وَمَنْ يَقْنُتْ مِنْكُنَّ لِلَّهِ وَرَسُولِهِ وَتَعْمَلْ صَالِحًا نُؤْتِهَا أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا
නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී යහකම් සිදු කරන්නී ද ඇයට අපි ඇයගේ කුලිය දෙවාරයක් පිරිනමමු. තවද අපි ඇය සඳහා ගෞරවනීය පෝෂණ සම්පත් සූදානම් කළෙමු.

Choose other languages: