Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #34 Translated in Sinhalese

يَا نِسَاءَ النَّبِيِّ مَنْ يَأْتِ مِنْكُنَّ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු හෝ ප්‍රකට අශීලාචාර දෙයක් සමග පැමිණෙන්නේ ද ඇයට දඬුවම දෙගුණයක් කරනු ලැබෙයි. තවද එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය.
وَمَنْ يَقْنُتْ مِنْكُنَّ لِلَّهِ وَرَسُولِهِ وَتَعْمَلْ صَالِحًا نُؤْتِهَا أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا
නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී යහකම් සිදු කරන්නී ද ඇයට අපි ඇයගේ කුලිය දෙවාරයක් පිරිනමමු. තවද අපි ඇය සඳහා ගෞරවනීය පෝෂණ සම්පත් සූදානම් කළෙමු.
يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා (සෙසු) කාන්තාවන්ගෙන් කෙනෙකු මෙන් නොවන්නෙහුය. නුඹලා අල්ලාහ්ට බැතිමත් වූයේ නම් නුඹලා සිනිඳු හඬින් කතා නොකරනු. එවිට කවරෙකුගේ හදවත තුළ රෝග ඇත්තේ ද ඔහු (පාපතර) ආශා ඇති කර ගනු ඇත. තවද ඔබ යහපත් වදනින් කතා කරනු.
وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
තවද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැඳී සිටිනු. තවද පෙර අඥාන යුගයේ අලංකාරය ඉස්මතු කරමින් සැරිසැරුනාක් මෙන් නුඹලා නොසැරිසරනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. තවද සකාත් ද පිරිනමනු. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නියත වශයෙන්ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවැසියන් වූ නුඹලාගෙන් කිලිටි පහකිරීමට හා නුඹලාව මුළුමණින් පිවිතුරු කිරීමටය.
وَاذْكُرْنَ مَا يُتْلَىٰ فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللَّهِ وَالْحِكْمَةِ ۚ إِنَّ اللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا
තවද අල්ලාහ්ගේ වදන් හා ප්‍රඥාවෙන් නුඹලාගේ නිවෙස් තුළ පාරායනය කරනු ලබන දෑ නුඹලා මෙනෙහි කරනු. නියත වශයෙන්ම අල්ලාහ් සියුම් ඥානී අභිඥානවන්ත විය.

Choose other languages: