Quran Apps in many lanuages:

Surah Al-Ahzab Ayahs #25 Translated in Sinhalese

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا
අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය.
وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَٰذَا مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ وَصَدَقَ اللَّهُ وَرَسُولُهُ ۚ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا
තවද දේවත්වය විශ්වාස කරන්නෝ එම (ඒකාබද්ධ) සේනාවන් දුටු කල්හි “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්‍රතිඥා දුන් දෑ මෙය වේ. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්යය පැවසීය” යැයි පැවසූහ. එය විශ්වාසය හා යටහත් වීම මිස වෙනෙකක් ඔවුනට අධික කළේ නැත.
مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا
කවර දෙයක් මත අල්ලාහ් සමග ඔවුන් ගිවිස ගත්තේ ද එය සැබෑ කළ මිනිසුන් දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වෙති. එසේ (යුද පිටියේ දිවි පුදා) තම ඉලක්කය ඉටු කර ගත්තවුන් ඔවුන් අතරින් වෙති. තවද බලාපොරොත්තුවෙන් සිටින්නන් ද ඔවුන් අතරින් වෙති. ඔවුහු (තමන්ගේ ගිවිසුමෙන්) කිසිදු වෙනසක් සිදු කළේ නැත.
لِيَجْزِيَ اللَّهُ الصَّادِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ الْمُنَافِقِينَ إِنْ شَاءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا
(මෙය) සත්යවාදීන්ට ඔවුන්ගේ සත්යභාවය හේතුවෙන් අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනු පිණිසය. එමෙන්ම ඔහු අභිමත කළේ නම් කුහකයින්ට දඬුවම් කරනු පිණිසය. එසේ නැතහොත් ඔවුන් වෙත සමාව දීම පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලී, මහාකරුණාන්විත විය.
وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا ۚ وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ ۚ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا
දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ ක්රෝධය හේතුවෙන් ඔවුන් කිසිදු යහපතක් නොලැබූ තත්ත්වයෙන් අල්ලාහ් ඔවුන් හරවා යැව්වේය. සටන් වැදීම සඳහා දේවත්වය විශ්වාස කරන්නනන් හට අල්ලාහ් ප්‍රමාණවත් විය. තවද අල්ලාහ් ශක්ති සම්පන්න සර්ව බලධාරී විය.

Choose other languages: