Surah Aal-E-Imran Ayahs #45 Translated in Sinhalese
قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۖ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَاذْكُرْ رَبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසුවේය. ඔබේ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නොකිරීම ය. තවද ඔබ ඔබේ පරමාධිපති ව අධික ව මෙනෙහි කරනු. තව ද උදේ සවස පිවිතුරු කරනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَىٰ نِسَاءِ الْعَالَمِينَ
අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබ ව තෝරා ගත්තේය. ඔබ ව පිවිතුරු කළේය. තවෙද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබ ව (ඉහළින්) තෝරා ගත්තේය යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ
අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තවද (නැවී තිරස් ව) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.
ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ
මෙය අදෘශ්‍යමාන පුවත් අතරිනි. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳ ව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නොසිටියෙහිය. එමෙන්ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නොසිටියෙහිය.
إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ
අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේය. ඔහු නමින් මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් වන අතර ඔහු මෙලොව හා මතුලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතරින් කෙනෙකි.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
