Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #46 Translated in Sinhalese

وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَىٰ نِسَاءِ الْعَالَمِينَ
අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබ ව තෝරා ගත්තේය. ඔබ ව පිවිතුරු කළේය. තවෙද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබ ව (ඉහළින්) තෝරා ගත්තේය යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ
අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තවද (නැවී තිරස් ව) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.
ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ
මෙය අදෘශ්‍යමාන පුවත් අතරිනි. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳ ව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නොසිටියෙහිය. එමෙන්ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නොසිටියෙහිය.
إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ
අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේය. ඔහු නමින් මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් වන අතර ඔහු මෙලොව හා මතුලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතරින් කෙනෙකි.
وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَمِنَ الصَّالِحِينَ
තවද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තවද ඔහු දැහැමියන් අතරින් කෙනෙකි.

Choose other languages: