Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #184 Translated in Sinhalese

وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ ۖ بَلْ هُوَ شَرٌّ لَهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ ۗ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරු වන්නන්, එය (එසේ මසුරු වීම) තමන්ට යහපතක් යැයි නොසිතිය යුතුය. නමුත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරු වූයේ ද එමඟින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හට ගෙල මාල පලඳවනු ලබන්නේය. තවද අහස් හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත ය.
لَقَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا وَقَتْلَهُمُ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا عَذَابَ الْحَرِيقِ
සැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු වෙමු යැයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන් පැවසූ දෑ ද යුක්තියකින් තොර ව නබි වරුන් ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේදී) පවසන්නෙමු.
ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට (කිසිදු අයුරින්) අරපාධ කරන්නෙක් නොවේ.
الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ عَهِدَ إِلَيْنَا أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ ۗ قُلْ قَدْ جَاءَكُمْ رُسُلٌ مِنْ قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
ඔවුහු වනාහි කුර්බානයක් (කැපයක්) අප වෙත රැගෙන විත් ගින්න එය ගිල දමන තෙක් කිසිදු ධර්ම දූතයෙකු ව අප විශ්වාස නොකරන්නෙමු යැයි අල්ලාහ් අප සමග ගිවිසගෙන ඇතැයි පැවසුවෝය. මට පෙර ද පැහැදිලි සාධක සමඟ හා නුඹලා පවසා සිටි දෑ සමඟ ධර්ම දූතයෝ නුඹලා වෙත පැමිණියහ. එසේ නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා ඔවුන් ඝාතනය කළේ මන්දැ යි අසනු.
فَإِنْ كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِنْ قَبْلِكَ جَاءُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ
එසේ නුඹ ව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු), නුඹට පෙර පැහැදිලි සාධක සමඟ ද ලේඛන හා ආලෝකමත් ධර්ම ග්‍රන්ථ සමඟ ද පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ.

Choose other languages: