Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #109 Translated in Sinhalese

وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتُ ۚ وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ
පැහැදිලි සාධක ඔවුන් වෙත පැමිණි පසු ව වෙන් ව ගොස් මත ගැටුම් ඇති කර ගත් අය මෙන් නුඹලා නොවනු. තවද ඔවුහු වනාහි (පරලොව) අති මහත් දඬුවම ඔවුනට ඇත.
يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ ۚ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
එදින ඇතැම් මුහුණු සුදු පැහැ ගැන් වෙයි. තවත් මුහුණු කළු පැහැ ගැන් වෙයි. තම මුහුණු කළු පැහැ ගැන් වූ අය කලී, "නුඹලා විශ්වාස කළ පසු ප්‍රතික්ෂේප කළෙහු ද, එසේනම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා මෙම දඬුවම විඳිනු". (යැයි කියනු ලැබේ.)
وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللَّهِ هُمْ فِيهَا خَالِدُونَ
තම මුහුණු සුදු පැහැ ගැන් වූවන් වූ කලී, ඔවුහු අල්ලාහ්ගේ කරුණාව තුළ සිටිති. ඔවුහු එහි සදාතනිකයෝ ය.
تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۗ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعَالَمِينَ
මේවා අල්ලාහ්ගේ වැකි වේ. ඒවා අපි නුඹ වෙත සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ් ලෝවැසියනට අපරාධයක් අපේක්ෂා කරන්නෙක් නොවේ.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද සියලු කරුණු නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.

Choose other languages: