Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #99 Translated in Sinhalese

قَالُوا تَاللَّهِ إِنَّكَ لَفِي ضَلَالِكَ الْقَدِيمِ
අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම ඔබ (තවමත්) ඔබේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහි යැයි ඔවුහු පැවසුවෝය.
فَلَمَّا أَنْ جَاءَ الْبَشِيرُ أَلْقَاهُ عَلَىٰ وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا ۖ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ
පසු ව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නොකීවෙම්දැයි ඔහු විමසුවේය.
قَالُوا يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ
අපගේ පියාණනි! අපගේ පාපයන් වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව! නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් වූයෙමු යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي ۖ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය; මහා කරුණාවන්තය.
فَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ادْخُلُوا مِصْرَ إِنْ شَاءَ اللَّهُ آمِنِينَ
ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි ඔහු වෙත ඔහුගේ දෙමාපියන් ඔහු ළං කර ගත්තේය. තවද අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙස නුඹලා මිසරයට ඇතුළු වනු යැයි ඔහු පැවසුවේය.

Choose other languages: