Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #73 Translated in Sinhalese

وَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَخَاهُ ۖ قَالَ إِنِّي أَنَا أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَعْمَلُونَ
ඔවුහු යූසුෆ් වෙත ඇතුළු වූ කල්හි ඔහු තම සහෝදරයා ව ළං කර ගෙන නියත වශයෙන්ම මම ඔබේ සහෝදරයා වෙමි. එබැවින් ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නොවනු යැයි පැවසුවේය.
فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَايَةَ فِي رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا الْعِيرُ إِنَّكُمْ لَسَارِقُونَ
එසේ ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලු ව තුළ (රන්) ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේය. පසු ව අහෝ තවලම් කරුවනි! නියත වශයෙන්ම නුඹලා සොරුන් යැයි නිවේදකයකු දන්වා සිටියේය.
قَالُوا وَأَقْبَلُوا عَلَيْهِمْ مَاذَا تَفْقِدُونَ
ඔවුහු ඔවුන් වෙත හැරී නුඹලා නැති කර ගත්තේ කුමක් දැයි විමසුවෝය.
قَالُوا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَنْ جَاءَ بِهِ حِمْلُ بَعِيرٍ وَأَنَا بِهِ زَعِيمٌ
රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙක් බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි යැයි ඔවුහු පැවසුවෝය.
قَالُوا تَاللَّهِ لَقَدْ عَلِمْتُمْ مَا جِئْنَا لِنُفْسِدَ فِي الْأَرْضِ وَمَا كُنَّا سَارِقِينَ
අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නොවන බවත් සැබැවින්ම නුඹලා දන්නෙහු යැයි ඔවුහු පැවසුවෝය.

Choose other languages: