Quran Apps in many lanuages:

Surah Yusuf Ayahs #75 Translated in Sinhalese

قَالُوا وَأَقْبَلُوا عَلَيْهِمْ مَاذَا تَفْقِدُونَ
ඔවුහු ඔවුන් වෙත හැරී නුඹලා නැති කර ගත්තේ කුමක් දැයි විමසුවෝය.
قَالُوا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَنْ جَاءَ بِهِ حِمْلُ بَعِيرٍ وَأَنَا بِهِ زَعِيمٌ
රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙක් බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි යැයි ඔවුහු පැවසුවෝය.
قَالُوا تَاللَّهِ لَقَدْ عَلِمْتُمْ مَا جِئْنَا لِنُفْسِدَ فِي الْأَرْضِ وَمَا كُنَّا سَارِقِينَ
අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නොවන බවත් සැබැවින්ම නුඹලා දන්නෙහු යැයි ඔවුහු පැවසුවෝය.
قَالُوا فَمَا جَزَاؤُهُ إِنْ كُنْتُمْ كَاذِبِينَ
එසේ නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්‍රතිවිපාකය කුමක් විය යුතු දැයි ඔවුහු විමසුවෝය.
قَالُوا جَزَاؤُهُ مَنْ وُجِدَ فِي رَحْلِهِ فَهُوَ جَزَاؤُهُ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ
එහි ප්‍රතිවිපාකය, එනම් කවරෙකුගේ ගමන් මල්ලෙහි එය සොයා ගනු ලබන්නේ ද එවිට ඔහුමය එහි ප්‍රතිවිපාකය විඳිය යුත්තේ. අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක ලබා දෙනුයේ එලෙසය යැයි ඔවුහු පැවසුවෝය.

Choose other languages: