Quran Apps in many lanuages:

Surah Yunus Ayahs #92 Translated in Sinhalese

وَقَالَ مُوسَىٰ رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُ زِينَةً وَأَمْوَالًا فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا عَنْ سَبِيلِكَ ۖ رَبَّنَا اطْمِسْ عَلَىٰ أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ
අපගේ පරමාධිපතියාණනි! නුඹ ෆිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන් හට මෙලොව ජීවිතයේ වස්තුව හා අලංකාරය පිරිනැමුවෙහිය. අපගේ පරමාධිපතියාණනි! එය ඔබගේ මාර්ගයෙන් ඔවුන් නොමඟ යවනු පිණිස ය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ වස්තුව විනාශ කරනු. තවද ඔවුන්ගේ හදවත් දරදඬු කරනු. ඔවුන් එම වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නොකරනු ඇත යැයි මූසා (ප්‍රාර්ථනා කරමින්) පැවසුවේය.
قَالَ قَدْ أُجِيبَتْ دَعْوَتُكُمَا فَاسْتَقِيمَا وَلَا تَتَّبِعَانِّ سَبِيلَ الَّذِينَ لَا يَعْلَمُونَ
සැබැවින්ම නුඹලා දෙදෙනාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබීය. එහෙයින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිනු. තවද දැනුම නොමැති අයගේ මාර්ගය නුඹලා දෙදෙනා කිසිවිටක අනුගමනය නොකරනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُ بَغْيًا وَعَدْوًا ۖ حَتَّىٰ إِذَا أَدْرَكَهُ الْغَرَقُ قَالَ آمَنْتُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا الَّذِي آمَنَتْ بِهِ بَنُو إِسْرَائِيلَ وَأَنَا مِنَ الْمُسْلِمِينَ
තවද අපි බනූ ඉස්රාඊල්වරුන් ව මුහුද තරණය කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාව සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන් පසුපස හඹා ගියෝය. අවසානයේ ගිලී යාම ඔහු ව ග්‍රහණය කළ විට ‘සැබැවින්ම බනූ ඉස්රාඊල්වරු කවරෙකු පිළිබඳ විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කළෙමි. තවද මම අවනත වන්නන් අතරින් කෙනෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේය.
آلْآنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنْتَ مِنَ الْمُفْسِدِينَ
දැන් ද (නුඹ විශ්වාස කරනුයේ)? මීට පෙර නුඹ සැබැවින්ම පිටුපෑවෙහිය. තවද නුඹ කලහකාරීන් අතරින් වූයෙහිය.
فَالْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ آيَةً ۚ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ عَنْ آيَاتِنَا لَغَافِلُونَ
එබැවින් නුඹගෙන් පසු පැමිණෙන්නන් හට නුඹ සංඥාවක් වනු පිණිස මෙදින අපි නුඹේ දේහය ආරක්ෂා කරන්නෙමු. තවද නියත වශයෙන්ම ජනයා අතරින් බහුතරයක් දෙනා අපගේ සංඥාවන් පිළිබඳ උදාසීනව සිටිති.

Choose other languages: