Quran Apps in many lanuages:

Surah Yunus Ayahs #18 Translated in Sinhalese

ثُمَّ جَعَلْنَاكُمْ خَلَائِفَ فِي الْأَرْضِ مِنْ بَعْدِهِمْ لِنَنْظُرَ كَيْفَ تَعْمَلُونَ
ඔවුනට පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැයි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලා ව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ ۙ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَٰذَا أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِنْ تِلْقَاءِ نَفْسِي ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۖ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. (මා කැමති පරිදි) මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මා හට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස වෙනකක් මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳ ව සැබැවින්ම මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ لَوْ شَاءَ اللَّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلَا أَدْرَاكُمْ بِهِ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِنْ قَبْلِهِ ۚ أَفَلَا تَعْقِلُونَ
අල්ලාහ් අභිමත කළේ නම් මම නුඹලා වෙත එය පාරායනය නොකරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නොදන්වන්නට තිබුණි. සැබැවින්ම මම මීට පෙර නුඹලා අතර චිරාත් කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නොවේ ද? යැයි (නබිවරය!) නුඹ පවසනු.
فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْمُجْرِمُونَ
එබැවින් අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම, වැරදිකරුවෝ ජය නොලබති.
وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَٰؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
අල්ලාහ් හැර දමා ඔවුනට පීඩාවක් නොකරන එමෙන්ම ඔවුනට සෙත නොසලසන දෑට ඔවුහු නැමැදුම් කරති. මොවුහු අල්ලාහ් ඉදිරියේ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි (නබිවරය) නුඹ අසනු. ඔහු සුපිවිතුරුය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.

Choose other languages: