Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #10 Translated in Sinhalese

لِتُنْذِرَ قَوْمًا مَا أُنْذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ
ඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නොලැබූ අනවධානීන් ලෙස සිටි පිරිසකට නුඹ අවවාද කරනු පිණිසය.
لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත (දඬුවමේ) ප්‍රකාශය සැබැවින්ම නියම විය. එහෙයින් ඔවුහු දේවත්වය විශ්වාස නොකරති.
إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ
නියත වශයෙන්ම අපි ඔවුන්ගේ ගෙල වලට විලංගු දැමුවෙමු. එවිට එය නිකටවල් දක්වා පවතී. එහෙයින් ඔවුහු හිස ඔසවා ගෙන සිටින්නෝ වෙති.
وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ
තවද අපි ඔවුන් ඉදිරියෙන් බාධකයක් ද ඔවුනට පසුපසින් බාධකයක් ද ඇති කළෙමු. එසේ අපි ඔවුන් ආවරණය කළෙමු. එහෙයින් ඔවුනට බැලිය නොහැකිය.
وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ
නුඹ ඔවුනට අවවාද කළ ද නුඹ ඔවුනට අවවාද නොකළ ද ඔවුන් වෙත එය එක සමානය. ඔවුහු විශ්වාස නොකරති.

Choose other languages: