Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #11 Translated in Sinhalese

لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත (දඬුවමේ) ප්‍රකාශය සැබැවින්ම නියම විය. එහෙයින් ඔවුහු දේවත්වය විශ්වාස නොකරති.
إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ
නියත වශයෙන්ම අපි ඔවුන්ගේ ගෙල වලට විලංගු දැමුවෙමු. එවිට එය නිකටවල් දක්වා පවතී. එහෙයින් ඔවුහු හිස ඔසවා ගෙන සිටින්නෝ වෙති.
وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ
තවද අපි ඔවුන් ඉදිරියෙන් බාධකයක් ද ඔවුනට පසුපසින් බාධකයක් ද ඇති කළෙමු. එසේ අපි ඔවුන් ආවරණය කළෙමු. එහෙයින් ඔවුනට බැලිය නොහැකිය.
وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ
නුඹ ඔවුනට අවවාද කළ ද නුඹ ඔවුනට අවවාද නොකළ ද ඔවුන් වෙත එය එක සමානය. ඔවුහු විශ්වාස නොකරති.
إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ
නියත වශයෙන්ම නුඹ අවවාද කරනුයේ මෙම මෙනෙහි කිරීම අනුගමනය කොට නොපෙනෙන තත්ත්වයක මහා කරුණාන්විතයාණන්හට බියවූවන්ටය. එහෙයින් සමාව හා ගෞරවනීය තිළිණ ඇති බව නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.

Choose other languages: