Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #12 Translated in Sinhalese

إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ
නියත වශයෙන්ම අපි ඔවුන්ගේ ගෙල වලට විලංගු දැමුවෙමු. එවිට එය නිකටවල් දක්වා පවතී. එහෙයින් ඔවුහු හිස ඔසවා ගෙන සිටින්නෝ වෙති.
وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ
තවද අපි ඔවුන් ඉදිරියෙන් බාධකයක් ද ඔවුනට පසුපසින් බාධකයක් ද ඇති කළෙමු. එසේ අපි ඔවුන් ආවරණය කළෙමු. එහෙයින් ඔවුනට බැලිය නොහැකිය.
وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ
නුඹ ඔවුනට අවවාද කළ ද නුඹ ඔවුනට අවවාද නොකළ ද ඔවුන් වෙත එය එක සමානය. ඔවුහු විශ්වාස නොකරති.
إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ
නියත වශයෙන්ම නුඹ අවවාද කරනුයේ මෙම මෙනෙහි කිරීම අනුගමනය කොට නොපෙනෙන තත්ත්වයක මහා කරුණාන්විතයාණන්හට බියවූවන්ටය. එහෙයින් සමාව හා ගෞරවනීය තිළිණ ඇති බව නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.
إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ
නියත වශයෙන්ම අපි මළවුනට ජීවය දෙන්නෙමු. ඔවුන් පෙර කළ දෑ ද ඔවුන්ගේ සලකුණු ද අපි සටහන් කරන්නෙමු. තවද සියලු දෑ අපි එය පැහැදිලි ලේඛනයක සටහන් කර ඇත්තෙමු.

Choose other languages: