Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #60 Translated in Sinhalese

هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ
ඔවුහු හා ඔවුන්ගේ බිරියන් සෙවනෙහි ඇති කවිච්චි මත (ඉතා සතුටින්) හාන්සිවී සිටින්නෝ වෙති.
لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ
ඔවුනට එහි පලතුරු ඇත. තවද ඔවුන් පතන දෑ ද ඔවුනට ඇත.
سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ
සලාම්! (ශාන්තිය). මෙය මහා කරුණාන්විත පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් වශයෙනි.
وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ
තවද “අහෝ වැරදිකරුවනි! අද දින නුඹලා වෙන්ව යනු” යැයි කියනු ලැබේ.
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
ආදම්ගේ දරුවනි! නුඹලා ෂෙයිතාන්ට ගැතිකම් නොකරන්නැයි මම නුඹලා වෙතින් ප්‍රතිඥාවක් නොගත්තෙම් ද? නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.

Choose other languages: