Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #62 Translated in Sinhalese

سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ
සලාම්! (ශාන්තිය). මෙය මහා කරුණාන්විත පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් වශයෙනි.
وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ
තවද “අහෝ වැරදිකරුවනි! අද දින නුඹලා වෙන්ව යනු” යැයි කියනු ලැබේ.
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
ආදම්ගේ දරුවනි! නුඹලා ෂෙයිතාන්ට ගැතිකම් නොකරන්නැයි මම නුඹලා වෙතින් ප්‍රතිඥාවක් නොගත්තෙම් ද? නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ
තවද නුඹලා මට නැමදුම් කරනු (යැයි ප්‍රතිඥාවක් නොගත්තෙම් ද?.) ඍජු මාර්ගය මෙය වේ.
وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ
තවද සැබැවින්ම නුඹලා අතරින් බොහෝමයක් මැවීම් ඔහු නොමග හැරියේය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?

Choose other languages: