Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #56 Translated in Sinhalese

قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ الرَّحْمَٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ
“අහෝ අපගේ විනාශය! අප නිදා සිටින තැනින් අප අවදි කළේ කවුදැ?”යි ඔවුහු විමසති. මෙය මහාකරුණාන්විතයණෝ ප්‍රතිඥා දුන් දෑ සහ දහම් දූතවරුන් සත්ය කළ දෑ වේ. (යැයි පවසනු ලැබේ)
إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ
එය එකම හඬක් මිස නොවීය. එවිට ඔවුහු සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරනු ලබන්නෝ වෙති.
فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
අද දින කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබයි. නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල පිරිනමනු නොලබන්නෙහුය.
إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ
නියත වශයෙන්ම එදින ස්වර්ග වාසීහු කාර්යයන්හි සතුටින් නිරත ව සිටින්නෝ වෙති.
هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ
ඔවුහු හා ඔවුන්ගේ බිරියන් සෙවනෙහි ඇති කවිච්චි මත (ඉතා සතුටින්) හාන්සිවී සිටින්නෝ වෙති.

Choose other languages: