Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #58 Translated in Sinhalese

فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
අද දින කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබයි. නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල පිරිනමනු නොලබන්නෙහුය.
إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ
නියත වශයෙන්ම එදින ස්වර්ග වාසීහු කාර්යයන්හි සතුටින් නිරත ව සිටින්නෝ වෙති.
هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ
ඔවුහු හා ඔවුන්ගේ බිරියන් සෙවනෙහි ඇති කවිච්චි මත (ඉතා සතුටින්) හාන්සිවී සිටින්නෝ වෙති.
لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ
ඔවුනට එහි පලතුරු ඇත. තවද ඔවුන් පතන දෑ ද ඔවුනට ඇත.
سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ
සලාම්! (ශාන්තිය). මෙය මහා කරුණාන්විත පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් වශයෙනි.

Choose other languages: