Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #39 Translated in Sinhalese

لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ
(එසේ කරනු ලැබුවේ) එහි බවභෝග වලින් ඔවුන් අනුභව කරනු පිණිසයි. තවද ඔවුන්ගේ අත් එය සිදු කළේ නැත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නොවන්නෝ ද?
سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الْأَرْضُ وَمِنْ أَنْفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ
මහපොළොවේ හට ගන්වන දැයින් ද ඔවුන් තුලින් ද එමෙන්ම ඔවුන් නොදන්නා දැයින් ද ඒ සියලු යුගලයන් මැවූ ඔහු සුවිශුද්ධය.
وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ
තවද රාත්‍රිය ද ඔවුනට සංඥාවකි. අපි එයින් දහවල වෙන් කරමු. එවිට ඔවුහු අඳුරෙහි සිටින්නෝ වෙති.
وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
තවද හිරු, එයට නියමිත ස්ථානය වෙත ගමන් කරමින් සිටියි. එය සර්වඥානී සර්ව බලධාරියාගේ සැලසුමකි.
وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ
තවද සඳු, අපි එය නැවුනු ඉඳි රිකිල්ලක් මෙන් පත් වන තෙක් එයට ස්ථාන නිර්ණය කළෙමු.

Choose other languages: