Quran Apps in many lanuages:

Surah Saba Ayahs #49 Translated in Sinhalese

وَكَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَمَا بَلَغُوا مِعْشَارَ مَا آتَيْنَاهُمْ فَكَذَّبُوا رُسُلِي ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
තවද ඔවුනට පෙර සිටියවුන් ද බොරු කළෝය. අප ඔවුනට දුන් දැයින් දහයෙන් කොටසක් හෝ මොවුන් ලබා නැත. එමෙන් ම ඔවුහු මාගේ දූතවරු බොරු යැයි පැවසුවෝය. එහෙයින් මාගේ දඬුවම කෙසේ වීද?
قُلْ إِنَّمَا أَعِظُكُمْ بِوَاحِدَةٍ ۖ أَنْ تَقُومُوا لِلَّهِ مَثْنَىٰ وَفُرَادَىٰ ثُمَّ تَتَفَكَّرُوا ۚ مَا بِصَاحِبِكُمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ
“නියත වශයෙන්ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳවය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනි ව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ මිතුරා උමතුවෙකු නොවේ. ඔහු ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස වෙනත් අයෙකු නොවේ” යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ مَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
“මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය නුඹලා සතුය. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය” යැයි නුඹ පවසනු.
قُلْ إِنَّ رَبِّي يَقْذِفُ بِالْحَقِّ عَلَّامُ الْغُيُوبِ
“නියත වශයෙන්ම ගුප්ත දෑ පිළිබඳ මහා ඥානී මාගේ පරමාධිපති සත්යය පැහැදිලි කරනු ඇතැයි” (නබිවරය!) නුඹ පවසනු.
قُلْ جَاءَ الْحَقُّ وَمَا يُبْدِئُ الْبَاطِلُ وَمَا يُعِيدُ
“සත්යය පැමිණ ඇත. අසත්යය (දෙවිවරු) කිසිවක් මැව්වේ නැත. නැවතත් එය මවන්නට යන්නේ ද නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: