Quran Apps in many lanuages:

Surah Saba Ayahs #42 Translated in Sinhalese

وَالَّذِينَ يَسْعَوْنَ فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ
තවද අපගේ වදන් පරාජය කරන්නට තැත් කරන අය වනාහි ඔවුහු ම දඬුවමට සම්මුඛ කරනු ලබන්නෝ.
قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُهُ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ
“නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කර දෙයි. තවද ඔහුට (එය) සීමා කරයි. තවද නුඹලා කවර දෙයක් (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නෙහු ද ඔහුට (එහි ප්‍රතිඵල) ඔහු පසුවට ලබා දෙයි. තවද ඔහු පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ يَقُولُ لِلْمَلَائِكَةِ أَهَٰؤُلَاءِ إِيَّاكُمْ كَانُوا يَعْبُدُونَ
තවද එදින ඔහු ඔවුන් සියලු දෙනා එක්රැස් කොට පසුව “නුඹලාව නමදිමින් සිටියවුන් මොවූහු දැ?”යි මලක්වරුන්ගෙන් විමසා සිටී.
قَالُوا سُبْحَانَكَ أَنْتَ وَلِيُّنَا مِنْ دُونِهِمْ ۖ بَلْ كَانُوا يَعْبُدُونَ الْجِنَّ ۖ أَكْثَرُهُمْ بِهِمْ مُؤْمِنُونَ
“ඔබ සුවිශුද්ධය. ඔවුන් නොව ඔබමය අපගේ භාරකරු. නමුත් ඔවුහු ජින් වර්ගයාට ගැතිකම් කරමින් සිටියහ. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් ගැන විශ්වාස කරන්නෝ යැ”යි ඔවුහු පවසති.
فَالْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ النَّارِ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ
එහෙයින් අද දින නුඹලා අතරින් ඇතැමෙකු ඇතැමෙකුට ප්‍රයෝජනයක් කිරීමට හෝ හිංසාවක් කිරීමට හෝ හිමිකම් නොදරයි. තවද “නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම භුක්ති විඳිනු” යැයි අපරාධ කළවුනට අපි පවසා සිටින්නෙමු.

Choose other languages: