Quran Apps in many lanuages:

Surah Luqman Ayahs #11 Translated in Sinhalese

وَإِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا وَلَّىٰ مُسْتَكْبِرًا كَأَنْ لَمْ يَسْمَعْهَا كَأَنَّ فِي أُذُنَيْهِ وَقْرًا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ
තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නොඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتُ النَّعِيمِ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සුව පහසුකම් සහිත (ස්වර්ග) උයන් ඇත.
خَالِدِينَ فِيهَا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
ඔවුන් එහි සදාතනිකයින්ය. තවද (මෙය) අල්ලාහ්ගෙන් සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ
නුඹලා එය දකින අයුරින් කිසිදු කලුණකින් තොර ව අහස් ඔහු මැව්වේය. තවද (භූමිය) නුඹලා සමඟ නොසැළී සිටීම පිණිස මහපොළොවේ ඔහු කඳු ඇති කළේය. තවද එහි සෑම ජීවියකුම ව්යාප්ත කළේය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින්ම පැළෑටි හටගැන්වූයෙමු.
هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ
මෙය අල්ලාහ්ගේ මැවීමය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. නමුත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහිය.

Choose other languages: