Quran Apps in many lanuages:

Surah Luqman Ayahs #14 Translated in Sinhalese

خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ
නුඹලා එය දකින අයුරින් කිසිදු කලුණකින් තොර ව අහස් ඔහු මැව්වේය. තවද (භූමිය) නුඹලා සමඟ නොසැළී සිටීම පිණිස මහපොළොවේ ඔහු කඳු ඇති කළේය. තවද එහි සෑම ජීවියකුම ව්යාප්ත කළේය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින්ම පැළෑටි හටගැන්වූයෙමු.
هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ
මෙය අල්ලාහ්ගේ මැවීමය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. නමුත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහිය.
وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ ۚ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ
තවද අල්ලාහ්ට කෘතවේදී වන්නට සැබැවින්ම අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු. තවද කවරෙකු කෘතවේදී වන්නේ ද එසේ ඔහු කෘතවේදී වනුයේ ඔහුටමය. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේද එවිට නියත වශයෙන්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය; ප්‍රශංසාලාභීය.
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින් ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි! ඔබ අල්ලාහ්ට ආදේශ නොකරනු. නියත වශයෙන්ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි.
وَوَصَّيْنَا الْإِنْسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَىٰ وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ
ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවාය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ ව අපි උපදෙස් දුනිමු.

Choose other languages: