Quran Apps in many lanuages:

Surah Luqman Ayahs #6 Translated in Sinhalese

تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ
ඒවා ප්‍රඥාවෙන් සපිරුණු ධර්ම ග්‍රන්ථයේ වදන්ය.
هُدًى وَرَحْمَةً لِلْمُحْسِنِينَ
එය දැහැමියන්ට මගපෙන්වීමක් හා ආශිර්වාදයකි.
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් ද පිරිනමති. තවද ඔවුහු මතු ලොව පිළිබඳ ව තරයේම විශ්වාස කරන්නෝ වෙති.
أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ මග පෙන්වීම මත වෙති. තවද ඔවුහුමය ජයග්රාහකයෝ.
وَمِنَ النَّاسِ مَنْ يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا ۚ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ
තවද ජනයා අතරින් කිසිදු දැනුමකින් තොර ව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරනු වස් පුහු වදන් මිලට ගෙන ඒවා විහිළුවක් බවට ගන්නා අය ද වෙති. තමන් හට නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහුමය.

Choose other languages: