Quran Apps in many lanuages:

Surah Luqman Ayahs #9 Translated in Sinhalese

أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ මග පෙන්වීම මත වෙති. තවද ඔවුහුමය ජයග්රාහකයෝ.
وَمِنَ النَّاسِ مَنْ يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا ۚ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ
තවද ජනයා අතරින් කිසිදු දැනුමකින් තොර ව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරනු වස් පුහු වදන් මිලට ගෙන ඒවා විහිළුවක් බවට ගන්නා අය ද වෙති. තමන් හට නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහුමය.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا وَلَّىٰ مُسْتَكْبِرًا كَأَنْ لَمْ يَسْمَعْهَا كَأَنَّ فِي أُذُنَيْهِ وَقْرًا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ
තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නොඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتُ النَّعِيمِ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සුව පහසුකම් සහිත (ස්වර්ග) උයන් ඇත.
خَالِدِينَ فِيهَا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
ඔවුන් එහි සදාතනිකයින්ය. තවද (මෙය) අල්ලාහ්ගෙන් සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.

Choose other languages: