Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #71 Translated in Sinhalese

هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا شُيُوخًا ۚ وَمِنْكُمْ مَنْ يُتَوَفَّىٰ مِنْ قَبْلُ ۖ وَلِتَبْلُغُوا أَجَلًا مُسَمًّى وَلَعَلَّكُمْ تَعْقِلُونَ
මැටියෙන් ද පසු ව ශුක්රාණු බිඳුවකින් ද පසු ව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහුය. පසු ව ඔහු නුඹලා බිළිදෙකු ලෙස බැහැර කරයි. පසු ව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. තවද (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරිනු පිණිස හා නුඹලා වටහා ගත හැකි වනු පිණිසය.
هُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ
ජීවය දෙන්නේත් මරණයට පත් කරන්නේත් ඔහුය. එහෙයින් ඔහු යම් කරුණක් සිදුවීමට තීන්දු කළේ නම් එවිට ‘සිදුවනු’ යැයි එයට පවසනවා පමණි. එවිට එය සිදුවනු ඇත.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ أَنَّىٰ يُصْرَفُونَ
අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ඔවුන් (සත්ය මාර්ගයෙන්) වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද? යැයි (නබිවරය!) නුඹ නොදුටුවෙහි ද?
الَّذِينَ كَذَّبُوا بِالْكِتَابِ وَبِمَا أَرْسَلْنَا بِهِ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ
ඔවුන් වනාහි, ධර්ම ග්‍රන්ථය හා අප කවර දෙයක් සමග අපගේ ධර්ම දූතවරු එව්වෙමු ද එය බොරුකළවුන්ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත.
إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ
එවිට ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා දම්වැල් තිබේ. ඔවුන් හෙළනු ලබති.

Choose other languages: