Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #63 Translated in Sinhalese

إِنَّ السَّاعَةَ لَآتِيَةٌ لَا رَيْبَ فِيهَا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ
නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නක්මය. එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (එය) විශ්වාස නොකරති.
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
තවද “නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන්ම මට ප්රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි.
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ
රාත්‍රිය එහි නුඹලා සැනසුම ලබනු පිණිසත් දහවල පෙනෙන්නට හැකි ලෙසත් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා වෙත භාග්යය පිරිනමන්නාය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ خَالِقُ كُلِّ شَيْءٍ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. (ඔහු) සියලු දෑහි මැවුම්කරුය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එසේ නම් නුඹලා (මුළා කරනු ලැබ) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
كَذَٰلِكَ يُؤْفَكُ الَّذِينَ كَانُوا بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ
අල්ලාහ්ගේ වදන් හෙළා දකිමින් සිටි අය වෙනතකට හරවනු ලබනුයේ එලෙසය.

Choose other languages: