Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #65 Translated in Sinhalese

اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ
රාත්‍රිය එහි නුඹලා සැනසුම ලබනු පිණිසත් දහවල පෙනෙන්නට හැකි ලෙසත් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා වෙත භාග්යය පිරිනමන්නාය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ خَالِقُ كُلِّ شَيْءٍ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. (ඔහු) සියලු දෑහි මැවුම්කරුය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එසේ නම් නුඹලා (මුළා කරනු ලැබ) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
كَذَٰلِكَ يُؤْفَكُ الَّذِينَ كَانُوا بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ
අල්ලාහ්ගේ වදන් හෙළා දකිමින් සිටි අය වෙනතකට හරවනු ලබනුයේ එලෙසය.
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ قَرَارًا وَالسَّمَاءَ بِنَاءً وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ فَتَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
මහපොළොව වාසස් ස්ථානයක් ලෙස ද අහස වියනක් ලෙස ද නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. තවද නුඹලාව හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේය. තවද යහපත් දැයින් නුඹලාට ඔහු පෝෂණ සම්පත් පිරිනැමීය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. එහෙයින් ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය.
هُوَ الْحَيُّ لَا إِلَٰهَ إِلَّا هُوَ فَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ ۗ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
ඔහු ජීවමානයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එහෙයින් නුඹලා ඔහුට පමණක් දහම පුද කර අවංකයින් ලෙස ඔහු ඇරයුම් කරනු. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා.

Choose other languages: