Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #34 Translated in Sinhalese

وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ مِثْلَ يَوْمِ الْأَحْزَابِ
තවද අහෝ මාගේ ජනයිනි! සේනාංකයන්ගේ දින මෙන් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි යැයි දේවත්වය විශ්වාස කළ තැනැත්තා පැවසුවේය.
مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَالَّذِينَ مِنْ بَعْدِهِمْ ۚ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعِبَادِ
නූහ්ගේ ජනයා, ආද්, සමූද් හා ඔවුනට පෙර සිටි කණ්ඩායම් වැනි අයට සිදුවූවාක් මෙන් (යමක් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි). තවද ගැත්තන් හට අපරාධයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි.” යැයි දේවත්වය විශ්වාස කළ එම තැනැත්තා පැවසීය.
وَيَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ يَوْمَ التَّنَادِ
“තවද, අහෝ මාගේ ජනයිනි! ඇරයුම් කරන දිනය නුඹලා වෙත පැමිණීම ගැන මම බිය වෙමි.”
يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُمْ مِنَ اللَّهِ مِنْ عَاصِمٍ ۗ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
“නුඹලා පිටුපාමින් පලා යන දිනයේ අල්ලාහ්ගෙන් ආරක්ෂා කරන කිසිවෙකු නුඹලාට නැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නැත.”
وَلَقَدْ جَاءَكُمْ يُوسُفُ مِنْ قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِمَّا جَاءَكُمْ بِهِ ۖ حَتَّىٰ إِذَا هَلَكَ قُلْتُمْ لَنْ يَبْعَثَ اللَّهُ مِنْ بَعْدِهِ رَسُولًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُرْتَابٌ
“තවද මීට පෙර සැබැවින්ම යූසුෆ් පැහැදිලි සාධක සමග නුඹලා වෙත පැමිණියේය. නමුත් ඔහු කවර දෙයක් නුඹලා වෙත ගෙන ආවේ ද ඒ ගැන සැකයෙහි ම සිටියෙහුය. ඔහුගෙන් පසු ව ‘අල්ලාහ් රසූල්වරයකු එවන්නේම නැතැයි’ නුඹලා පැවසුවෙහුය. කවරෙකු සීමාව ඉක්මවා යමින් සැක ඇති කරන්නේ ද එවැන්නන් අල්ලාහ් නොමග යවනුයේ එලෙසය.”

Choose other languages: