Quran Apps in many lanuages:

Surah Fussilat Ayahs #26 Translated in Sinhalese

وَمَا كُنْتُمْ تَسْتَتِرُونَ أَنْ يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ وَلَٰكِنْ ظَنَنْتُمْ أَنَّ اللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِمَّا تَعْمَلُونَ
තවද නුඹලාගේ සවන් හෝ නුඹලාගේ දෘෂ්ටීන් හෝ නුඹලාගේ හම් හෝ නුඹලාට එරෙහි ව සාක්ෂි නොදරා සිටීමට (ඒවාට නොදැනෙන පරිදි) නුඹලා සැඟ වී සිටින්නන් නොවීය. එනමුත් නියත වශයෙන්ම නුඹලා සිදුකරන දැයින් බොහෝ දෑ අල්ලාහ් නොදන්නේ යැයි නුඹලා සිතුවෙහුය.
وَذَٰلِكُمْ ظَنُّكُمُ الَّذِي ظَنَنْتُمْ بِرَبِّكُمْ أَرْدَاكُمْ فَأَصْبَحْتُمْ مِنَ الْخَاسِرِينَ
තවද ඒවා නුඹලා නුඹලාගේ පරමාධිපති පිළිබඳ සිතූ නුඹලාගේ සිතුවිල්ලය. එය නුඹලාව විනාශ කර දැමුවේය. එහෙයින් නුඹලා පරාජිතයින් අතරට පත් වූයෙහුය.
فَإِنْ يَصْبِرُوا فَالنَّارُ مَثْوًى لَهُمْ ۖ وَإِنْ يَسْتَعْتِبُوا فَمَا هُمْ مِنَ الْمُعْتَبِينَ
එහෙයින් ඔවුහු ඉවසිලිවන්ත වුව ද නිරා ගින්න ඔවුනට සතු නිවහන වී ඇත. තවද ඔවුහු නැවත පිහිට පැතුව ද (එසේ) පිහිට දෙනු ලබන්නන් අතරින් ඔවුහු නැත.
وَقَيَّضْنَا لَهُمْ قُرَنَاءَ فَزَيَّنُوا لَهُمْ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ
තවද අපි ඔවුනට සහචරයින් පත් කළෙමු. එවිට ඔවුහු ඔවුන්ගේ ඉදිරියේ ඇති දෑ ද ඔවුන්ගේ පසුපසින් ඇති දෑ ද ඔවුනට අලංකාර කර පෙන්වූවෝය. තවද ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් අතරින් ඉකුත් ව ගිය සමූහයන් තුළ තිබූ (දඬුවමේ) ප්‍රකාශය ඔවුන් වෙත නියම විය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූවෝය.
وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَسْمَعُوا لِهَٰذَا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ
තවද “මෙම කුර්ආනයට සවන් නොදෙනු. (එය අවහිර කරමින්) නිෂ්ඵල දෑ සිදු කරනු. (එවිට) නුඹලා අබිබවා යා හැකිය” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය.

Choose other languages: