Quran Apps in many lanuages:

Surah Az-Zukhruf Ayahs #50 Translated in Sinhalese

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින්ම අපි අපගේ සාධක සමග මූසා ව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන්ම මම ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයා වෙමි” යැයි පැවසීය.
فَلَمَّا جَاءَهُمْ بِآيَاتِنَا إِذَا هُمْ مِنْهَا يَضْحَكُونَ
එසේ අපගේ සාධක සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඔවුහු ඒ ගැන සිනහසුනෝය.
وَمَا نُرِيهِمْ مِنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَاهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ
අපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එයට පෙර පැවති දෑට වඩා විශාල දෙයක් මිස එය නොවීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු.
وَقَالُوا يَا أَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ إِنَّنَا لَمُهْتَدُونَ
තවද “අහෝ මායා කරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන්ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنْكُثُونَ
ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එසැණින් ඔවුන් (දිවුරුම) කඩ කරති.

Choose other languages: