Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #37 Translated in Sinhalese

وَالَّذِي جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ ۙ أُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ
තවද සත්යය රැගෙන ආ තැනැත්තා සහ එය තහවුරු කළ අය වනාහි, ඔවුහුමය බිය බැතිමතුන් වනුයේ.
لَهُمْ مَا يَشَاءُونَ عِنْدَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ
ඔවුන් ප්‍රිය කරන දෑ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. එය දැහැමියන්ගේ ප්‍රතිඵලයයි.
لِيُكَفِّرَ اللَّهُ عَنْهُمْ أَسْوَأَ الَّذِي عَمِلُوا وَيَجْزِيَهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ الَّذِي كَانُوا يَعْمَلُونَ
ඔවුන් සිදු කළ දෑහි මහත් නපුර ඔවුන්ගෙන් ඉවත් කරනු පිණිස හා ඔවුන් සිදු කරමින් සිටි දෑට වඩාත් අලංකාර ලෙස ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමනු පිණිසය.
أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ ۖ وَيُخَوِّفُونَكَ بِالَّذِينَ مِنْ دُونِهِ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
අල්ලාහ් තම ගැත්තාට ප්‍රමාණවත් අයෙකු නොවේ ද? තවද ඔවුහු ඔහුගෙන් තොර අන්අය ගෙනැවිත් නුඹව බියගන්වති. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නොමැත.
وَمَنْ يَهْدِ اللَّهُ فَمَا لَهُ مِنْ مُضِلٍّ ۗ أَلَيْسَ اللَّهُ بِعَزِيزٍ ذِي انْتِقَامٍ
තවද අල්ලාහ් කවරෙකුට මග පෙන්වන්නේ ද එවිට කිසිදු මුළාකරුවෙකු ඔහුට නොවනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී සමප්‍රතිචාර දක්වන්නා නොවේ ද?

Choose other languages: