Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #12 Translated in Sinhalese

9:8
كَيْفَ وَإِنْ يَظْهَرُوا عَلَيْكُمْ لَا يَرْقُبُوا فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُمْ بِأَفْوَاهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ
(ගිවිසුමක් රැඳී පවතිනුයේ) කෙසේ ද? නුඹලාට එරෙහිව ඔවුන් ජය ලබන්නේ නම් නුඹලා තුළ පවතින නෑ සම්බන්ධතාව හෝ ගිවිසුම හෝ ඔවුන් නොසලකා හරිති. ඔවුන්ගේ කට වචනින් නුඹලාව තෘප්තියට පත් කරති. නමුත් ඔවුන්ගේ හදවත් එයට පිටුපාති. තවද ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයෝය.
9:9
اشْتَرَوْا بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا فَصَدُّوا عَنْ سَبِيلِهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් අල්ලාහ්ගේ වදන් වෙනුවට ස්වල්ප මිළක් ලබා ඔහුගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වූවෝය. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.‍
لَا يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلًّا وَلَا ذِمَّةً ۚ وَأُولَٰئِكَ هُمُ الْمُعْتَدُونَ
දේවත්වය විශ්වාස කරන්නකුගේ විෂයයෙහි කිසිදු (ඤාති) සම්බන්ධතාවක් ගැන හෝ ගිවිසුමක් ගැන හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. තවද ඔවුහුමය සීමාව ඉක්මවා ගියවුන් වන්නෝ.
فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ ۗ وَنُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
නමුත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත් ව ඉටු කර, zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. තවද වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු.
وَإِنْ نَكَثُوا أَيْمَانَهُمْ مِنْ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا فِي دِينِكُمْ فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ ۙ إِنَّهُمْ لَا أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنْتَهُونَ
ඔවුන් ගිවිසගත් පසු, ඔවුන්ගේ ගිවිසුම කඩ කොට නුඹලාගේ දහමෙහි ඔවුන් නිග්‍රහ කළේ නම්, එවිට නුඹලා දේව ප්‍රතික්ෂේපිත නායකයින් සමඟ සටන් වදිනු. නියත වශයෙන්ම ඔවුනට කිසිදු ගිවිසුමක් නොමැත. (එය) ඔවුන් වැළකී සිටිය හැකි වනු පිණිසය.

Choose other languages: